MyLifeLK.com තුල සාදවාගනු ලබන ව්‍යාපාරික වෙබ් අඩවියක් (සාමාජිකත්සවයක්) සඳහා වන නීති රීති හා කොන්දේසි.

My Life ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමටත්, ඒ තුලින් දිගු ගමනක් යෑමටත්, හා ඔබගේ අවශ්‍යතාවයන් සේම, ව්‍යාපාර දියුණු කර ගැනීමටත් ගත් තීරණය අපි අගය කොට දක්වන්නෙමු. එලෙසින්ම අප හා තැබූ විශ්වාසය කෙරෙහි ස්තුතිය පුද කරන්නෙමු.

 

ඔබ දැනගත යුතු කරුණු 

  1. My Life International Trading ආයතනය වෙත ඔබගේ භාණ්ඩ හා සේවා විකුණා ගැනීමේ අරමුණින්, අප විසින් ඔබ ව්‍යාපාරය වෙනුවෙන් සාදන ලද ඔබගේ ව්‍යාපාරික වෙබ් අඩවියේ ඇතුළුව අපගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරනු ලබයි.
  2. අප My Life International Trading ආයතනය හරහා ඔබගේ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමක් සිදුවන අවස්ථාවකදී, ඔබගේ භාණ්ඩය / සේවාව වෙනුවෙන් අපහට credit card ආයතන හා වෙනත් ආයතන වෙත ගෙවීමට සිදුවන සමහරක් සේවා ගාස්තු නිසා 08% ක ප්‍රතිශතයක් ගනුදෙනු ගාස්තුවක් (A transaction fee) වශයෙන් අය කරගන්නා අතර ඉතිරි මුදල ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත. (පළමුවන විකුණුම සිදුවන අවස්ථාවේදී ඔබගේ මුදල් බැරකළ යුතු ගිණුම් අංකය ලබාදෙන්න)
  3. ඔබගේ විකුණුම් සඳහා වන මුදල් ඔබගේ බැංකු ගිණුමට බැර වන්නේ විකුණුම සිදුවී දින 07ත් 10ත් අතර කාල සීමාවක් තුලදීය.
  4. අප වෙබ් අඩවිය හරහා ඔබගේ භාණ්ඩ / සේවා සඳහා, භාණ්ඩය හෝ සේවාව ලැබුණු පසු මුදල් ගෙවන ක්‍රමවේදය (COD) (Cash On Delivery) තෝරා ගනු ලබන අවස්ථාවකදී ඔබට ගෙවීමට සිදුවන්නේ 05% ක ගනුදෙනු ගාස්තුවකි. (COD ක්‍රමවේදයට ඔබ කැමැත්ත පල කලේ නම් පමණි.)
  5. ඔබගේ COD ඇනවුම් සඳහා අප ආයතනයට අයවිය යුතු ගනුදෙනු ගාස්තුව වන 05%ක මුදල ඇනවුමේ දින හෝ ගනුදෙනුව සිදුවන දින සිට දින 07ක් ඇතුලත ගෙවිය යුතුව ඇත.  
  6. එම සියලුම මුදල් පහත ගිණුමට තැන්පත් කර ඒ බව කුවිතාන්සියේ චායාරුපයක්ද සමඟ දැනුම් දෙන්න. New Deshanee Dress Point (PVT) Ltd, 107214011621, Sampath Bank, Ambalangoda. 
  7. එමෙන්ම, පාරිබෝගිකයා සෘජූවම (offline) ඔබ වෙතින් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට තීරණය කරන්නේ නම් එහිදී අප ඔබගෙන් කිසිදු මුදලක් අය නොකරන්නෙමු.
  8. ඔබගේ භාණ්ඩ වල තොග හෝ ඔබගේ සේවාවන් තවදුරටත් නොමැති අවස්ථාවලදී ඒ බව අප වෙත දැනුම් දී  එම අදාළ භාණ්ඩය හෝ සේවාව අප වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතු වනු ඇත.

 

නැවත පෝරමයට