අලුත් වැඩක්!

The latest

சமீபத்தியது

My Life 3W

Join with Us

අපත් සමඟ එකතුවන්න

Get Your Hire

හයර් එක ලබාගන්න

Very Easy

හරිම පහසුයි

මෙම කොරෝනා අත්දැකීමෙන් පසු, මේ දිනවල රජය උත්සාහ කරන ඩිජිටල් කරණය සඳහා අත්වැලක් වන අපගේ මෙමෙ වෙබ් අඩවිය 2018 වසර සිට මෙවැනි දැවැන්ත ව්‍යාපෘති රැසක් මඟින් ශ්‍රී ලාංකික ඔබ සැමට සිදු කරනුයේ ඇති මහත් සේවයකි.

අපි ඔබේ ත්‍රිරෝද රථය online දාමු. 

ඔබ ගෙදර සිටියත්, පාර්ක් එකේ සිටියත්, ඔබගේ 3w එක ඕනේ කෙනා ඔබට call එකක් දෙවි.

ඔබ ශ්‍රී ලංකාවේ කුමන පලාතක, කුමන දිස්ත්‍රික්කයක, කුමන නගරයක, කුමන ගමක හිටියත් කමක් නැ, මෙම සේවාව සඳහා ඔබ සුදුසුකම් ලබනු ඇති.

මෙම සේවාව අවුරුදු 05ක්ම ලබාගැනීම සඳහා වැයවන්නේ රු 500ක මුදලක් පමණයි.

(මෙම මුදල වලංගු වන්නේ ඉතාමත් කෙටි කාලසීමාවක් සඳහා පමණි. වැඩි වීමකට භාජනය වීමට පෙර ක්‍රියාත්මක වන්න.)

Online 3w Parks

මීටර් නෑ, මාසික ගාස්තු නෑ, හයර් එකෙන් කොමිස් මුදලක් ගෙවන්න ඕනේ නෑ, app ඕනේ නෑ, ස්මාර්ට් ෆෝන් ඕනේ නෑ, ඔබට වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදිම ඔබගේ ගාස්තු ක්‍රමයම අය කරන්නත් පුළුවන්.

ඒ කියන්නේ වෙන ඕනෑම තැනකදී වෙන අවාසි කිසිවක් නෑ, එපමණක් නොව ඔබගේ ත්‍රී වීල් ගාස්තුව අවශ්‍ය ඕනෑම විටෙකදී මුදල් නැතිවම online payment එකක් විදියට ගන්නත් පුළුවන් කම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ customerට එයාගේ card එකෙන් ගෙවන්නත් පුළුවන්. මේ දේ ගොඩාක්ම වැදගත් වෙන අවස්ථාවල් අනන්තවත් තියෙනවා. එක අවස්තාවක් පමණක් කියන්නම්, නිකන් හිතන්න ඔයා හයර් එක යන්නේ මහ රෑ, customer අතේ තියෙන්නේ 5000 කොලයක්, ඔයා ගාව මාරු දෙන්නත් නෑ, සල්ලි මාරු කරන්න කඩයක් අහලකවත් නැ, එක කඩයක්වත් අරලාවත් නෑ, ඉතින් මේ වගේ අවස්ථාවට කොච්චර අසරණ වෙනවද, එත් ඔබ My Life 3w සඳහා ලියාපදිංචි වෙලා තිබුනානම් ඔයාගේ හයර් එක ඔයාට online payment එකක් විදියට ගන්න පුළුවන්.

ඉතින් එසේනම්, මේ සියලුම වාසි ඔබගෙම කරගන්න. දැන්ම පහල තියෙන පෝරමය පුරවල එවන්න.

ත්‍රී වීල් රියදුරන් විසින් අපෙන් නිතර අසන ප්‍රශ්නවලට පිළිතුරු

මට හයර් ලැබෙන ක්‍රම වේදය පොඩ්ඩක් පැහැදිලි කරන්න?

හොඳයි, අපි එක ඔයාට සරලව පැහැදිලි කරන්නම්. අපේ මෙම වෙබ් අඩවියට දිනපතා නොයෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දහස් ගණනින් පුද්ගලයින් පැමිණෙනවා. එයාල දන්නවා අපේ වෙබ් අඩවියේ ඕනෙම දෙයක් තියෙන බව සහ අපේ search box එකේ තමන්ට ඕනේ දේ type කරාම හොයන දේ ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන් බව. ඒ වගේම අපේ වෙබ් අඩවිය ගැන දන්නේ නැති අය උනත් Google එකේ ත්‍රී වීල් එකක් හෙව්වොත් අපේ වෙබ් අඩවියේ තියෙන ත්‍රී වීල් ලේසියෙන්ම පේනවා. ඒකත් ගොඩක්ම වැදගත් දෙයක් වෙනවා. තවද, වැඩි 3w ප්‍රමාණයක් අපිත් එක්ක ලියාපදිංචි වී තියෙන ප්‍රදේශවල අපේ වෙබ් අඩවියෙන් තමන්ට අවශ්‍ය ත්‍රී වීල් එක ලබාගැනීමේ හැකියාව පවතින බව, වෙනමම ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා.

Online payment එකක් විදියට මේ වෙබ් අඩවියෙන් මගේ කස්ටමර් කෙනෙක් මුදල් ගෙව්වොත් එක මට ලැබෙන්නේ කොහොමද?

අපි දින 07ත් 10ත් ඇතුලත සෑම සතියකම එක් වතාවක් ඔබගේ online ඉපයුම් ඔබගේ බැංකු ගිණුමට බැර කරනවා.

මගේ හයර් වලින් කොමිස් මුදලක් අයකරනවද?

කොහෙත්ම නෑ. එත් ඔයාගේ online payments විදියට ගන්න හයර් වලින් විතරක් 8%ක් අඩුවෙන් තමයි අපි ඔයාට ගෙවන්නේ. එකට හේතුව ඔයාගේ online payment එක වෙනුවෙන් බැංකු සහ වෙනත් ආයතන වෙත ගනුදෙනු ගාස්තුවක් විදියට 8% ක මුදලක් ගෙවීමට අපහට සිදුවන සිදුවන බැවිනි.