My Life විකුණුම් කණ්ඩායමට එක්වන්න

ඒ ඔබද?

ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලොවටම අලුත් දෙයක් දායාද කරමින් ඇරඹු අපගේ මෙම නවතම සංකල්පය, මහඟු කර්තව්‍ය, සඳහා සහාය වීමට කැමති සියලුම ශ්‍රී ලාංකිකයින්ට, නොයෙකුත් ආකාරයෙන් අප වෙළඳ කණ්ඩායම හා සම්භන්ද වී වැඩ කිරීමට කෙරෙන ආරාධනාවයි.

අප, මීට වසර 29 කට පෙරද මුළු මගත් ශ්‍රී ලංකාවටම මෙලෙසම අලුත්ම දෙයක් ඉදිරිපත් කර අති මහත් කීර්තියක් දිනා ඇත්තෙමු. ඒ නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙනි. අප, දේශනී ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ සහෝදර ආයතනයක් බව ඉමහත් ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කරමු.

2018 වසර මැද භාගයේ කල එලි දුටු අපගේ මෙම සංකල්පය හා විකුණුම් භාණ්ඩ දැනට පවතින අර්බුදයට වඩාත් අනුගත වන බැවින්, මෙවැනි තත්වයක් යටතේ වුවද පහසුවෙන් විකුණුම් කටයුතු කල හැකි වනු ඇත. සත්‍ය වශයෙන්ම කිවහොත් ඕනෑම ව්‍යාපාරයකට හෝ සේවා සපයන්නෙකුට අපගේ විකුණුම් භාණ්ඩ ලබාදීම මගින්, අප කරනුයේ ඔවුනගේ ව්‍යාපාර නැවත නන්වාලිමට කෙරන මහත් උපකාරයකි.

තව විශේෂම දෙයක් වනුයේ මෙම අපගේ විකුණුම් භාණ්ඩ ශ්‍රී ලංකාවේ පවතින ඕනෑම තරාතිරමක, ඕනෑම ආකාරයක, ව්‍යාපාරයකට හෝ සේවාවකට (හෝ පුද්ගලයෙකුට) අවශ්‍ය වන දෙයක් වීමයි. සත්‍ය වශයෙන්ම කිවහොත් ඔබට හමුවන ඕනෑම පුද්ගලයෙක් ඔබගේ අපේක්‍ෂිත පාරිභෝගිකයෙකු වනු ඇත.

සත්‍ය වශයෙන්ම අප මේ සිදු කරනුයේ රාජ්‍ය අනුග්‍රහය පාවා ලැබිය යුතු, සැම ශ්‍රී ලාංකිකයෙකුටම තමාගේ අතේ ඇති මුදලට සරිලන පරිදි කෙරෙන සම්පුර්ණ අන්තර්ජාලිකරණයකි.

ඔබ මේ වන විට කුමන තරාතිරමක සිටියද, ඔබට ගැලපෙන ආකාරයද මෙහි පහත කොටස් 7 තුල අන්තර්ගත වී ඇති බව අප අනිවාර්යයෙන්ම දනිමු.

අපගේ විකුණුම් රැකියා, තනතුරු සහ ව්‍යාපාර

1 බලයලත් නියෝජිතයන්
2 නියෝජිතයන්
3 අනුබද්ද නියෝජිතයින් (කොටස් දෙකකි)
4 අන්තර්ජාලික අනුබද්ද නියෝජිතයින්
5 අළෙවිකරුවන්
6 දුරකථන විකුණුම් ගැහැණු ළමයින්
7 අළෙවි විධායකයින්
8 අළෙවි කළමනාකරුවන්

ඉහත සියල්ලම ගැහැණු පිරිමි දෙපාර්ශවයම සඳහා වන අතර වයස සලකා බැලිය හැකිය. (වැඩි විස්තර පහතින්)

අපගේ විකුණුම් භාණ්ඩ

බලයලත් නියෝජිතයන්

විශේෂිතවූ ගිවිසුමක් මගින් අප ව්‍යාපාරයේ විකුණුම් පවත්වාගෙන යා හැකි අවස්ථාවකි. ඔබට වෙනමම අලෙවිකරුවන් යොදාගෙන My Life ව්‍යාපාරයේ විකුණුම් පවත්වාගෙන යා හැකියි. (එම ඔබගේ අලෙවිකරුවන් හට වේතනයක් පමණක්, වේතනය හා කොමිස් මුදලක්, හෝ කොමිස් මුදලක් පමණක්, ගෙවීමේ බලය ඔබට ලබාදේ) අපගේ ගිවිසුමට අනුකුලව කාර්යාල පරිශ්‍රයක්ද පවත්වාගෙන යා හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ඕනෑම නගරයක් සඳහා වලංගු වේ. එකම නගර ඒකකයක බලයලත් නියෝජිතයින් දෙදෙනෙකු පත් කරනු නොලැබේ.

My Life විකුණුම් භාණ්ඩ සමඟ ඔබේම ව්‍යාපාරයක් කිරීමට ඔබ කැමති නම්, අපව අමතන්න 0773495889 හෝ 0761381110

නියෝජිතයන්

අප ආයතනයේ විකුණුම් තනිවම තමන් විසින්ම පවත්වාගෙන යා හැකි අවස්ථාවකි. මේ සඳහා, ඔබගේ සම්පුර්ණ කාලය හෝ අර්ධ වශයෙන් (හැකි වේලාවන්හි පමණක්) කාලය වැය කල හැකි වනු ඇත.

ඔබේ විකුණුම් සඳහා 25% ක කොමිස් මුදලක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ. 0773495889 හෝ 0761381110 අමතන්න

සම්පුර්ණ විකුණුම් අනුබද්ද නියෝජිතයින්

නිවසේ සිටම දුරකතනයෙන් විකුණුම් කල හැකි අවස්ථාවකි. ඔබගේ සම්පුර්ණ කාලය හෝ අර්ධ වශයෙන් (හැකි වේලාවන්හි පමණක්) කාලය වැය කල හැකි වනු ඇත.

සම්භන්ධිකරණ අනුබද්ද නියෝජිතයින්

නිවසේ සිටම තමා දන්නා හදුනන අයට පමණක් දුරකතනයෙන් අප ආයතනය හදුන්වා දෙන අවස්ථාවකි. මෙහිදී, විශේෂම ලක්ෂණය වන්නේ ඔබ කල යුතු වන්නේ සම්භන්ධිකරණය පමණකි. විකුණුම අවසාන කරන්නේ අපගේ මැදිහත් වීමෙනි. ඔබගේ සම්පුර්ණ කාලය හෝ අර්ධ වශයෙන් (හැකි වේලාවන්හි පමණක්) කාලය වැය කල හැකි වනු ඇත.

අන්තර්ජාලික අනුබද්ද නියෝජිතයින්

මෙය අන්තර්ජාලය තුල පමණක්, නිවසේ හෝ කාර්යාලයේ සිටම සිදු කල හැකි අවස්ථාවකි. විකුණුම් වලදී කිසිදු මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. සියලුම දේ අපගේ මෘදුකාංගයක් මගින් සිදු කරනු ලබයි. ඔබ සිදු කල යුත්තේ අප අන්තර්ජාලික අනුබද්ද වැඩසටහන සඳහා ලියාපදිංචි වී, ඒ තුල ඇති උපදෙස් අනුව ක්‍රියාකිරීමයි. මෙහි ප්‍රවර්ධන කටයුතු සඳහා Facebook එක පමණක්ද භාවිතා කල හැකි වනු ඇත.

අළෙවිකරුවන්

මෙය පුර්ණකාලින රැකියාවකි. රැකියාව කරන ප්‍රදේශය අප අනුමැතියට අනුකුලව ඔබටම තෝරාගත හැකිවනු ඇත. මුලික වැටුපක්, දීමනා සහ කොමිස් මුදල් ලැබේ. මෝටර් බයික් එකක් තිබුනොත් හොඳ තත්වයකි. එසේ නොවුනද රැකියාව කිරීමට කිසිදු භාධාවක් නොවේ.

  • දීමනා සහිත මුලික වැටුප - රු. 30,000
  • පෙට්‍රෝල් දීමනාව - රු. 5,000 (අදාළ නම්)
  • විකුණුම් සඳහා කොමිස් - 10%

දුරකථන විකුණුම් ගැහැණු ළමයින්

මෙය පුර්ණකාලින රැකියාවකි. දෙආකාරයකට කල හැකිය. තම නිවසේ සිටම හෝ අප කාර්යාලයකදී, නිවසේ සිට නම් දීමනා ඇතුළුව මුලික වැටුප රු 20,000යි. කාර්යාලයකට පැමිණෙන්නේ නම් දීමනා ඇතුළුව මුලික වැටුප රු 30,000යි. මෙයට අමතරව ඔබගේ සියලුම විකුණුම් සඳහා 10% ක කොමිස් මුදලක් දෙආකාරයෙදීම ලැබේ.

(සිම් පතක් අප ආයතනය විසින් ලබා දෙනු ඇත.) (උදා: රු 75,000 ක විකුණුම් ඇති මසකට ගෙදර සිට නම් රු. 27,500 ක මුදලක් උපයාගත හැකි වනු ඇති අතර කාර්යාලයකට පැමිණෙන්නේ නම් එය රු. 37,500 ක් වේ.)

දුරකථන සම්මුඛ පරීක්ෂණයක් සඳහා 0773495889 හෝ 0761381110 අමතන්න.

අළෙවි විධායකයින්

මෙය පුර්ණකාලින රැකියාවකි. රැකියාව කරන ප්‍රදේශය අප අනුමැතියට අනුකුලව ඔබටම තෝරාගත හැකිවනු ඇත. මුලික වැටුපක්, දීමනා සහ කොමිස් මුදල් ලැබේ. මෝටර් බයික් එකක් හෝ වෙනත් වාහනයක් තිබීම අවශ්‍යයි.

  • දීමනා සහිත මුලික වැටුප - රු. 35,000
  • පෙට්‍රෝල් දීමනාව - රු. 5,000
  • විකුණුම් සඳහා කොමිස් - 10%

අළෙවි කළමනාකරුවන්

මෙය පුර්ණකාලින රැකියාවකි. විශේෂයෙන් වැඩි මිළ සහිත ඉහල සමාජිකත්වයන් සඳහා යොමු කෙරේ. රැකියාව කරන ප්‍රදේශය අප අනුමැතියට අනුකුලව ඔබටම තෝරාගත හැකිවනු ඇත. එම තෝරාගත් ප්‍රදේශයේ අළෙවිකරුවන් හෝ/හා අළෙවි විධායකයින් සිටියහොත් ඔවුන් ඔබ යටතට පත්වනු ඇත. මුලික වැටුපක්, දීමනා සහ කොමිස් මුදල් ලැබේ. මෝටර් රථයක් තිබීම හොඳ තත්වයකි. (මෝටර් බයික් එකක් වුවද ප්‍රදේශය අනුව සලකා බැලිය හැකි වනු ඇත.) හැකියාව හා පළපුරුද්ද මත අප ආයතනයෙන් මෝටර් රථයක් ලබාදීම ගැනද සලකා බලනු ඇත.

  • දීමනා සහිත මුලික වැටුප - රු. 50,000
  • වාහන දීමනාව - අනුකුලතාවය අනුව
  • තෙල් දීමනාව - අනුකුලතාවය අනුව
  • සෘජු විකුණුම් සඳහා කොමිස් - 10%
  • වක්‍ර විකුණුම් සඳහා කොමිස් - 03%

ඉහත කුමන ආකාරයකට හෝ අප සමඟ සම්භන්ද වී වැඩ කටයුතු කිරීම සඳහා 0761381110 හෝ 0773495889 අමතා ඔබ කැමතිම ආකාරය දැනුම් දෙන්න. මෙම වර්ථමාන තත්වය හමුවේ වුවද ඉහත ඕනෑම ආකාරයක් ආරම්භ කල හැකිය, මන්ද අපගේ මෙම සංකල්පය මෙම වර්ථමාන අර්බුධයට වඩාත් අනුගත වන බැවිනි.