
- Aug 06, 2019
- in World
Massive Explosion in a Russian Arsenal
රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක්
A massive explosion at a Russian arsenal in a military base in Siberia has been reported.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවි ගබඩාව පිහිටි හමුදා කඳවුර අවට ගම්මානවල පුද්ගලයින් 3,000 ක් මේ වන විට ඉවත් කර ඇති බවයි.
Foreign media reports that 3,000 people have been evacuated from villages surrounding the military base where the armory is located.
හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.
Another 11,000 people are preparing for evacuation, according to foreign reports.
සයිබීරියාවේ අචින්ක්ස් නගරයට ආසන්නව පිහිටි මෙම හමුදා කඳවුර තුළ පිහිටි අවි ගබඩාවේ පිපිරීම් හේතුවෙන් විශාල ගිනි ජාලා සමග අධික දුමක් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබේ.
The arsenal of the Army Camp, which is located near the Achinks in Siberia, caused heavy smoke and flames to spread throughout the area.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් එම ප්‍රදේශයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
As a result, authorities have taken steps to declare a state of emergency for the area.
අවි ගබඩාවේ පිපිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
One person was killed and eight others were injured in the explosion at the armory.
Advertisements