
- Jan 30, 2020
- in Politics
The New Dispute with Ranil and Sajith
Even if a separate party is formed, no leadership will be given ...
වෙනම පක්ෂයක් හදාගෙන ගියත්, නායක්තවය නොදෙන ඉඟි...
UNP නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ දිනයේ විශේෂ සාකච්ඡාවක් පවත්වල තියෙනවා.
එම සාකච්ඡාව අවසන් වෙලා තියෙන්නේ කිසිදු එකඟතාවයක් නොමැතිව බවයි ආරංචි මාර්ග කියන්නේ.
එළඹෙන මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇතත් පක්ෂයේ නායකත්වය ලබා දීමට කිසිසේත්ම එකඟ නොවන බව ඔහු දැනුම්දී ඇත.
ඊට විරෝධය පල කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා ඇත්තේ තමන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් පක්ෂයේ නායකත්වයද ලැබිය යුතු බවයි.
එසේ නොවන්නේ නම් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මැතිවරණය මෙහෙයවා ජයගන්නා ලෙසද ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව බලතල නැතිව මැතිවරණය මෙහෙයවා ජනාධිපතිවරණයේදී මෙන් පරාජය වීමට තමන් සූදානම් නැති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.
සජිත් ප්‍රේමදාස මහතා සහ එම පාර්ශවයක් දිගටම කියා සිටියේ UNP නායකත්වය නොලැබෙන්නේ නම් එළෙඹෙන මහා මැතිවරණය වෙනම සන්ධානයක් ලෙස තරග කරන බවයි.
Like & Share our Facebook page
Advertisements
Share this with your friends.