
- Apr 05, 2020
- in News
Muslim Community Leaders Request About COVID 19
Muslim community leaders request the Muslim community to suppress COVID 19
Covid 19 මැඩපැවැත්වීම සඳහා මුස්ලිම් ජන නායකයින් විසින් මුස්ලිම් ප්‍රජාව වෙත කෙරෙන කාරුණික ඉල්ලීමක්
The deadly coronavirus epidemic, which has now spread in more than 200 countries and caused the loss of thousands of human lives, is rapidly spreading in our country.
දැනට ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනක පැතිරී දහස් ගණන් මිනිස් ජීවිත අහිමි වීමට බලපා ඇති මාරාන්තික කොරෝනා වසංගතය, අප රට තුලද සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.
The government has taken several measures to curb the epidemic, including curfews, quarantine centers, inspections to identify patients and vectors, and treatment for patients.
මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම, රෝගීන් සහ රෝග වාහකයින් හඳුනාගැනීම සඳහා අවැසි පරීක්‍ෂා සිදුකිරීම සහ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම ඇතුළු දැඩි පියවර කිහිපයක්ම රජය විසින් ගනු ලැබ ඇත.
With the first few steps taken by the government, one of the decisions taken by the Muslim leaders unanimously with other measures was to ban the worship of any other worship in the mosque. Some areas where patients have been reported have already been locked down.
රජය මඟින් ගනු ලැබූ මුල් පියවර කිහිපයත් සමඟම, අනෙකුත් ක්‍රියාමාර්ග සමඟින් මුස්ලිම් නායකයින් විසින් ඒකමතිකව ගනු ලැබූ එක් තීරණයක් නම්, පල්ලි තුල යාඥා මෙහෙයන් හෝ අන් කවර ජන රාශියක් හෝ පැවැත්වීම තහනම් කිරීමයි. රෝගීන් වාර්තා වූ ඇතැම් ප්‍රදේශ දැනටමත් සම්පූර්ණයෙන් වසා දමා (Locked Down) ඇත.
This is because other people who go to patients and/or people who are suspected of the disease are also at risk of contracting the disease.
මීට හේතු වන්නේ, රෝගීන්ගේ සහ / හෝ රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අයවළුන්ගේ සමීපයට යන අනෙකුත් පුද්ගලයින්ටද රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අසුරාලීමය.
We therefore call upon all our citizens living in such closed areas to seek self-restraint and to comply with the laws and instructions imposed by the government.
එබැවින්, මේ වන විට එවන් වසා දමන ලද ප්‍රදේශ වල වසන අපගේ සියලුම පුරවැසියන්ගෙන් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත්, රජයෙන් පනවන ලද නීති සහ උපදෙස් එයාකාරයෙන්ම අනුගමනය කරන ලෙසත්, ඉල්ලා සිටිමු.
We urge the community, local leaders and other leaders to take the following measures to control the spread of the epidemic.
- As mentioned earlier, prayers or other liturgies performed in churches, including Friday Jummah prayers, should be completely banned.
- Anyone with information on any activity that violates the above law should be notified to the nearest police station.
- Those who have returned to Sri Lanka after March 10, 2020, should register themselves with the nearest police station without any delay.
- You should not have any contact with people who have come from a foreign country and you should be self-quarantined if you have any contact with such a person. Self-quarantine should not have anything to do with residents.
- If you do not have the facilities required for self-quarantine, you should immediately notify the health authorities.
- If a person shows any suspected symptoms of Covid-19 infection, he/she should be taken to the nearest Government Hospital. Inform the hospital before taking the patient so that the hospital staff can take proper safety measures. The patient should not be taken to a private hospital or another health center.
- Comply with curfews and all other laws / regulations imposed by the government and competent authorities.
වසංගතය පැතිරීම පාලනය කිරීම උදෙසා පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රජාවගෙන්, ප්‍රාදේශීය නායකයින්ගෙන් සහ අනෙකුත් නායකයින්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.
- මීට පෙර සඳහන් කළ පරිදි, සිකුරාදා ජුම්මා යාඥාවද ඇතුළුව පල්ලිවල සිදුකරන යාඥා කටයුතු හෝ වෙනත් ජන රාශීන් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය.
- ඉහත සඳහන් නීතිය කඩ කරමින් කිසියම් හෝ පල්ලියක පැවැත්වෙන ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දිය යුතුය.
- 2020 මාර්තු මස 10 වෙනිදායින් පසු යම් විදේශ රටක සිට ලංකාවට පැමිණි පුද්ගලයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ලඟම ඇති පොලිස් ස්ථානය වෙත තමාගේ විස්තර ලබාදී ලියාපදිංචි විය යුතුය.
- විදේශ රටක සිට පැමිණි පුද්ගලයින් සමඟ කිසිදු සම්බන්ධයක් නොපැවැත්විය යුතු අතර, ඔබ එවන් අයෙකු හා කිසියම් හෝ සම්බන්ධයක් පැවැත්වූයේ නම් ඔබ ස්වයං නිරෝධායනයට ලක්විය යුතුය. ස්වයං නිරෝධායනයට ලක්වන්නේ නම්, නිවැසියන් සමඟ හෝ කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතුය.
- යම් හෙයකින් ස්වයං නිරෝධායනය සඳහා අවැසි පහසුකම් ඔබ සතු නොවේ නම්, වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතුය.
- යම් කිසි පුද්ගලයෙක් Covid-19 ආසාදනය වී ඇති බවට සැක කළ හැකි රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම්, ඔහු / ඇය ලඟම ඇති රජයේ රෝහල වෙත රැගෙන යා යුතු වේ. රෝහල් කාර්යමණ්ඩලයට නිසි ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන ලෙස, රෝගියා රැගෙන යාමට පෙර අදාළ රෝහල දැනුවත් කරන්න. පුද්ගලික රෝහලකට හෝ වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත රෝගියා රැගෙන නොයා යුතුය.
- රජය සහ නිසි බලධාරීන් විසින් පනවන ලද ඇඳිරි නීති සහ අනෙකුත් සියලුම නීති / රෙගුලාසි වලට අනුගත විය යුතුය.
Strict legal action will be taken against those who do not comply with the above rules and we will be teaching the religion, living and obeying the laws of the country.
ඉහත සඳහන් නීති රීතිවලට යටත් නොවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගනු ලබන අතර, අප ආගමේ ඉගැන්වීම වන්නේද, රටේ නීතිරීතිවලට යටත්ව ජීවත්වීම සහ එම නීතිරීතිවලට ගරු කිරීමයි.
Contrary to the above procedures, the virus is spreading.
ඉහත ක්‍රියාමාර්ග වලට පටහැනිව කටයුතු කිරීම වයිරසයේ ව්‍යාප්තියට හේතු වේ.
Our religion is saying that in the heart of every Muslim should be above all else for the good of society
අප ආගම පවසනු ලබන්නේ, සෑම මුස්ලිම්වරයෙකුගේම හදවතේ සමාජයේ යහපත සඳහා අන් සියල්ලටම වඩා වැඩි වටිනාකමක් පැවතිය යුතු බවයි.
Therefore, any Muslim who violates the above instructions and the rules and regulations of the government will be obliged to fulfill his obligations in accordance with the teachings of the Holy Quran and the Holy Prophet.
එබැවින්, ඉහත උපදෙස් සහ රජයේ නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම මුස්ලිම්වරයෙක්, ශුද්ධ වූ කුරාණයේ සහ අති උතුම් නබි තුමාගේ ඉගැන්වීම ප්‍රකාරව තමා විසින් ඉටු කළ යුතු වගකීම් පහර හරින්නෙක් වනු ඇත.
We pray to God, the Holy One, to have mercy on all people and protect us from this plague.
සියලු මිනිසුන් කෙරෙහි අනුකම්පා කොට මෙම වසංගත උවදුරෙන් අප රැකගන්නා මෙන් ශුද්ධ වූ අල්ලා දෙවියන් වෙත යාඥා කරමු.
- All Ceylon Jamiyathul Ulama (ACJU)
- Supreme Command of the Sufi Thariqas (SCOST-SL)
- Sri Lanka Muslim Council
- National Shoora Council
- Young Mens Muslim Association
- Colombo District Mosque Federation
- Sri Lanka Jamath e-Islam
- Jamathul Salamah
- Collective of Arabic Colleges- Sri Lanka
- Zam Zam Foundation
- All Ceylon Thowheed Jamath
- All Ceylon Muslim League – Youth Front
- Conference of Sri Lankan Malays
- Memon Association of Sri Lanka
- Anjuman e- Saifi ( Sri Lanka) Trust- The organization administering the affairs of The Dawoodi Bohra Muslim Community of Sri Lanka
- Sri Lanka Media Forum
- Markez Islamic Centre
Source: Ceylon Times
Like & Share our Facebook page
Advertisements
Share this valuable with your friends.