

- By My Life
- Jun 28, 2020
- in News
MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න
MCC review final report handed over to the public
සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව 25 දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කිරීමට කටයුතු කරන බව පැවසිය.
විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණ.
පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු කීය.
විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්රීය ආවරණයක් කර නැති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා පැහැදිලි කර ඇත.
ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද ගුණරුවන් මහතා සඳහන් කළේය.
නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට පිළිවන. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමකි. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බව ද ගුණරුවන් මහතා පෙන්වා දුන්නේය.
MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කළහ.
කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව දීම ගැන කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළේය.
සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුවේ අතුරු වාර්තාව පෙබරවාරි 17 වැනි දින ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.
බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න
Advertisements
You May Also Like

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020

- By My Life
- Jun 28, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020
2 Comments
KRPrpeMkuzDA
KlFqLxkay