• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home News ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න
  • By My Life
  • Apr 18, 2020
  • in News

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

Here are the guidelines to follow for the restoration of civilian life

COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරිවරුන් වෙත අද(18) යොමු කරනු ලැබීය.

සම්පූර්ණ චක්‍ර ලේඛය පහත පරිද වේ.,

කෝවිඩ්-19 වෛරසය පවතින කාලය අතරතුර සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේදී රාජ්‍ය ආයතන විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල දෛනික රාජකාරි කටයුතු යථා තත්වයට පත්කිරීමේ අරමුණින් කෝවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් රට තුළ පනවා ඇති සීමාකිරීම් ක්‍රමානුකූලව අදියර වශයෙන් ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

එබැවින් භූගෝලීය වශයෙන් එසේ සීමාවන් ලිහිල් කෙරෙන්නා වූ ප්‍රදේශයන්හි රාජකාරි නැවත ආරම්භ කරනු ලබන සියලුම රජයේ කාර්යාල පහත මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.

1.0 සේවා ස්ථානයේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කළ යුතුය.

සියලුම දිස්ත්‍රික්කවල පිහිටා ඇති සියලුම රාජ්‍ය ආයතන විසින් සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළදීම, අත් සේදීම සහ අනෙකුත් ක්‍රියා පිළිවෙත් දැඩිව අනුගමනය කරන බව සහතික කර ගත යුතුය.

සියලුම සේවා ස්ථාන පිරිසිදු හා සනීපාරක්ෂක තත්ත්වයෙන් පවත්වා ගත යුතු අතර විශේෂයෙන් පොදු ස්ථාන, කවුන්ටර, වැඩ ස්ථාන, ආහාර ගැනීම සඳහා භාවිතා කරනු ලබන කාමර සහ තේ කාමර, කාර්යාලීය ආපනශාලා, වැසිකිළි සහ වෙනත් හවුලේ භාවිතා කෙරෙන අවකාශයන් සෑම විටම පිරිසිදුව සහ සනීපාරක්ෂිතව නඩත්තු කල යුතුය.

විශේෂයෙන් මහජනතාව නිතර පැමිණෙන සේවා ස්ථානයන්හි සබන් හා ජලය යොදා ගනිමින් සහ/ හෝ සනීපාරක්ෂක දියර අත්ලෙහි පිරිමැදීම මගින් දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම් සේවා ස්ථානවල මනාව පෙනෙන ස්ථානයන්හි යොදවා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය ලබා දිය යුතුය.

අනුගමනය කළ යුතු සෞඛ්‍යමය සහ සනීපාරක්ෂක මාර්ගෝපදේශ පිළිබඳ තොරතුරු දක්වන දැන්වීම් සේවකයින් සහ මහජනතාවගේ දැනගැනීම පිණිස සේවා ස්ථානයේ කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කල යුතුය.

මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දැනටමත් සකස් කර ඇති වැඩබිම් සහ කාර්යාල පරිශ්‍ර සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලාත්මක කළ යුතුය.

අත්‍යවශ්‍යයෙන් සහභාගි විය යුතු අය සමඟ පමණක් කාර්යාලීය රැස්වීම් කළමනාකරණය කිරීමට හෝ අඩු පිරිසක් සහභාගි වන පරිදි කුඩා පරිමාණයේ රැස්වීම් සැලසුම් කිරීමට පියවර ගත යුතුය.

සේවා ස්ථානයන්හි පිරිස් ඒකරාශීවීම අවම කිරීම සඳහා හැකි සෑම විටකදීම හා හැකි තරම් දුරට දුරස්ථව කාර්යාල සේවා සැපයීම් දිරිමත් කළ යුතුය.

සියලුම දිස්ත්‍රික්කවල පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ තෘතීයික අධ්‍යාපන ආයතන තවදුරටත් වසා තැබෙන අතර, දුරස්ථ අධ්‍යාපන ක්‍රම සහ දුරස්ථව වැඩ කිරීමේ ක්‍රමවේදයන් යටතේ කටයුතු පවත්වා ගෙන යා යුතුයි.

මෙම කාලය තුල පිරිස් ඒකරාශී වන ආගමික කටයුතු, රැස්වීම් ආදිය සංවිධානය කිරීම නොකළ යුතුය.

අත්‍යවශ්‍ය නොවන රාජකාරි ගමන් අත්හිටුවිය යුතුය. අත්‍යවශ්‍ය රාජකාරි ගමන් සිදු කිරීමට සිදුවන නිලධාරීන් සඳහා ඒ ඒ ප්‍රදේශවලට අදාළව පවතින විධිවිධානයන් අනුගමනය කරන ලෙසට උපදෙස් ලබා දිය යුතුය.

යම් සේවකයෙකු කෝවිඩ්-19 වෛරසයට අදාළ සුළු රෝග ලක්ෂණ හෝ පෙන්නුම් කරන්නේ නම්, එවැනි පුද්ගලයින් නිවසේ රැදී සිටිය යුතු බවට උපදෙස් ලබා දිය යුතුය.

සියලු කාර්යාල සේවකයින්, සේවා ස්ථානයේ දී පවත්වනු ලබන රැස්වීම් සදහා සහභාගි වන පුද්ගලයින් සහ විවිධ සේවා සපයන අනෙකුත් පුද්ගලයින්ගේ නම් සහ ඇමතුම් තොරතුරු පවත්වා ගෙන යා යුතුය.

කෝවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාල සූදානම් කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අධ්‍යක්ෂ විසින් සකසා ඇති මාර්ගෝපදේශයන්ද අනුගමනය කළ යුතුය.

සෞඛ්‍ය සහ සනීපාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන් සේවා ස්ථානයේ තත්ත්වය නිරන්තරයෙන් පසුවිපරම් කිරීම සඳහා නිළධාරියකු නම් කළ යුතු අතර ගැටළු සහගත අවස්ථා නිරාකරණය සඳහා කඩිනම් පියවර ගත යුතුය.

2.0 අදියර වශයෙන් සේවකයින්ට නැවත සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

මුල් අදියරේ දී සීමිත කාර්ය මණ්ඩලයකින් සාමාන්‍ය කාර්යාල කටයුතු නැවත ආරම්භ කළ යුතුය.

එක් එක් ආයතන ප්‍රධානියා මෙම කාල සීමාව තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් නිකුත් කළ යුතුය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ප්‍රකාශයට පත් කෙරෙන වෙනත් අවදානම් දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ කාර්යාල මුල් අදියරේ දී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 50% ක සේවක සංඛ්‍යාවක සහභාගිත්වයෙනි.

මේ සඳහා සේවකයින් තෝරා ගැනීම සේවක කාණ්ඩය, සේවා අවශ්‍යතාවය, නිපුණතා ධාරිතාව, සේවා ස්ථානයට ආසන්න වීම හෝ ඒ හා සමාන නිර්ණායක මත පදනම් විය හැකිය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත වෙනත් අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ කාර්යාල මුල් අදියරේ දී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 20% ක සේවක සංඛ්‍යාවක සහභාගිත්වයෙනි.

සේවකයින් තෝරා ගැනීම සඳහා ඉහත සඳහන් කළ පරිදි සුදුසු නිර්ණායක ආයතන ප්‍රධානියා විසින් භාවිතා කළ හැකිය.

එක් එක් ආයතනයෙහි කාර්ය මණ්ඩලය යෙදවීම අදාළ ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලැබිය යුතුය.

සේවා ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඇතිවිය හැකි තදබදය අඩු කිරීම සඳහා වෙනම කාල සැසි 02 ක සේවා මුර යෙදීම වැනි නම්‍යශීලී වැඩ වේලාවන් සකස් කරගැනීම ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි කර ගත යුතුය.

සේවකයින්ගෙන් යම් ප්‍රමාණයක් සේවයට වාර්තා නොකල ද රජයේ සේවාවන් අඛණ්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා පිළියම් යෙදිය යුතු වේ.

3.0 මහජන සේවාවන් අපේක්ෂා කරන මහජනතාව හේතුවෙන් සේවා ස්ථාන හෝ පොදු ප්‍රවාහන සේවා තදබදයකට ලක්වීම වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය.

සීමිත සේවකයින් පිරිසක් සේවයට වාර්තා කරන මෙම කාල පරිච්ඡේදය තුළ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් මහජන සේවා සපයන රජයේ කාර්යාල විසින් මහජනතාවට සේවා ලබාදීම  සඳහා විශේෂ යාන්ත්‍රණයන් හඳුන්වා දිය යුතුය.

ආයතන ප්‍රධානීන් විසින් සේවා ස්ථාන වෙත මහජනයා විශාල වශයෙන් ඒකරාශී වීම වැළැක්වීම සඳහා විවිධ වූ මහජන සේවාවන් සැපයීම සඳහා නම් කරන ලද දිනයන් සහ වේලාවන් ලබා දිය හැකිය.

එවැනි යාන්ත්‍රණයන් පිළිබඳ ජනමාධ්‍ය සහ වෙනත් සන්නිවේදන ක්‍රම මගින් ප්‍රමාණවත් ලෙස මහජනයා දැනුවත් කළ යුතුය.

ජාතික හැඳුනුම්පත් අංක කිරීමේ ක්‍රමවේදයක් මත පදනම්ව නිශ්චය කරන ලද දිනයන්හි රජයේ කාර්යාල වෙත පැමිණෙන ලෙස මහජනතාව දැනුවත් කිරීම වැනි නව්‍ය විසඳුම් ආයතන ප්‍රධානීන් විසින් හඳුන්වා දී ජනමාධ්‍ය හරහා ඒ පිළිබඳ මහජනයා වෙත සන්නිවේදනය කළ හැකිය.

ඩිජිටල් ක්‍රමවේදයන් හරහා මහජනයාට සහ ව්‍යාපාරවලට සේවා සැපයීම සඳහා දැනට පවතින දුරස්ථ සේවා සැපයුම් යාන්ත්‍රණයන් ශක්තිමත් කළ යුතු අතර තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය (ICTA) සමඟ සාකච්ඡා කර නව ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වා දිය යුතුය.

ඩිජිටල් ක්‍රමවේද මගින් රජයේ සේවාවන් සැපයීම සඳහා ක්‍රමයෙන් සංක්‍රමණය වීම අතරතුරදී හැකි තාක් දුරට කෙටි පණිවුඩ, ජංගම යෙදුම් සහ විද්‍යුත් තැපෑල භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

4.0 එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතු නිවසේ සිට රාජකාරි ඉටු කිරීමේ (WFH) විධිවිධාන යටතේ අඛණ්ඩ ක්‍රියාත්මක කළ යුතුය.

එක් එක් ආයතන ප්‍රධානියා විසින් නිවසේ සිට රාජකාරි ඉටු කිරීමේ විධිවිධාන හරහා සිදු කළ යුතු කාර්යයන්, එම කාර්යන්ට යෙදවිය යුතු නිශ්චිත සේවකයින්, සේවකයින් විසින් සතිය තුළ සේවා ස්ථානයට වාර්තා කරන වාර ගණන, නිවසේ සිට රාජකාරි ඉටු කරනු ලබන සේවකයින් වහාම සේවා ස්ථානයට නැවත කැඳවීම සඳහා වන ක්‍රියාමාර්ග ආදිය තීරණය කළ යුතුය.

එහි දී පහත කරුණු වෙත අවධානය යොමු කළ යුතුය.

කුමන සේවකයින් නිවසේ සිට රාජකාරි ඉටු කළ යුතුද, කුමන සේවකයින් සේවයට වාර්තා කළ යුතුද යන්න සහ සතිය තුළ ඔවුන් සේවා ස්ථානයට වාර්තා කිරීමට අවශ්‍ය වාර ගණන තීරණය කළ යුතුය.

පොදු ප්‍රවාහන පද්ධති සහ සේවා ස්ථාන තදබදය වැළැක්වීම සඳහා සේවා ස්ථානයට වාර්තා කිරීමට අවශ්‍ය සේවකයින්ට සාමාන්‍ය සේවා කාලය තුළ වෙනම කාල සැසි 02 ක දී වැඩ මුර සලසා දීම සලකා බැලිය යුතුය.

සේවකයින් විසින් වැඩ කටයුතු ඉටු කිරීම සඳහා හැකි තරම් මාර්ගගත ක්‍රමවේදයන් භාවිතා කිරීම අඛණ්ඩව සිදු කළ යුතුය.

නිවසේ සිට රාජකාරි ඉටු කිරීමේ දී සම්පූර්ණ කළ යුතු සියළුම කාර්යයන් සඳහා දෛනික ඉලක්කයන් නියම කළ යුතුය.

හැකි සියලු කාර්යයන් නියමිත කාලසීමාවන් සහිත පැවරුම් බවට පරිවර්තනය කළ යුතුය.

නිවසේ සිට රාජකාරි ඉටු කිරීමේ යෙදී සිටින සියලුම සේවකයින් විසින් ඇමතුම් දිනපොත මෙන්ම දිනපතා සිදුකරන රාජකාරි පිළිබඳ වාර්තාවක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුය.

මාර්ගගත ඉගෙනුම් සම්පත් සහ රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් වෙත යොමු කිරීමෙන් තම දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනයට ප්‍රවේශය ඇති බව සහතික කිරීමට සියළුම සේවකයින්ට උපදෙස් දෙනු ලැබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන විෂයයන් භාර අමාත්‍යාංශයන් හි මගපෙන්වීම යටතේ චැනල් අයි සහ නේත්‍රා රූපවාහිනී නාලිකා විසින් 2020 අප්‍රේල් 20 වන දින සිට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා (පෙ.ව 4.00 සිට ප.ව 9.00 දක්වා) සහ උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය සඳහා (ප.ව 9.30 සිට මැදියම් රාත්‍රි දක්වා) අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කරනු ඇත.

මෙම කාල පරිච්ඡේදය තුළ ගෘහස්ථ අතිරේක ආහාර අවශ්‍යතා සඳහා වැදගත් වන ගෙවතු වගාවෙහි යෙදීමට කාලය වෙන් කරන ලෙසද සියලුම සේවකයින්ට උපදෙස් දෙනු ලැබේ.

2016.03.30 දිනැති ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ අංක පීඑස්/සීඑස්ඒ/චක්‍රලේඛ/18/2020 හි (2.ඒ) ඡේදය කෙරෙහි අවධානය යොමු කෙරේ.

එක් එක් ආයතන ප්‍රධානීන් විසින් පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම (ක්‍රියා පටිපාටි සරල කිරීමට) සඳහා සේවකයින් විසින් කරනු ලබන යෝජනා සලකා බැලීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ අනුමැතිය ලබා ගැනීම පිළිබඳ සලකා බැලිය යුතුය.

Source: Siyatha News

Like & Share our Facebook page



Advertisements

Share this valuable with your friends.

Share 0 Tweet Pin it 0 Fancy
Tags Coronavirus, Coronavirus Outbreak, Coronavirus Prevention, Curfew, Guide Lines, Health Advice, Health Tips, How to escape from Coronavirus, Important Health Tips, Important Tips, Special Advises, Sri Lanka, Sri Lanka Government, Sri Lanka Health, Stop Spreading the Coronavirus, Tips

You May Also Like

BREAKING NEWS - 100% Accurate Medicine for Covid 19 from Russia

  • By My Life
  • Apr 18, 2020

නොමිලේ ශ්‍රමිකයෝ ගේන්න පුලුවන්, කෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා එන්නත හරහා මිනිසුන් පාලනය කල හැකි ලෝහ අංශු ශරීර ගත කිරීමක්?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා පැණිය විෂක් ඒක බීපු ඔබත් අනතුරෙ?

  • By My Life
  • Apr 18, 2020

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම පිලිබඳ මාර්ගෝපදේශ මාලාව

  • By My Life
  • Apr 18, 2020

Covid-19 සම්බන්දව සමාජය අනුගමනය කල යුතු නව මාර්ගෝපදේශන මාලාව

  • By My Life
  • Apr 18, 2020

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?

  • By My Life
  • Apr 18, 2020

Special Announcement from the Sri Lankan Government

  • By My Life
  • Apr 18, 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැන් වාර්ථා වූ ඉතාමත් සතුටුදායක සුබම සුබ පුවත

  • By My Life
  • Apr 18, 2020

හැමෝම සොයන රතු රසදිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ

  • By My Life
  • Apr 18, 2020

MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න

  • By My Life
  • Apr 18, 2020

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ හෙලි නොවූ කරුණු

  • By My Life
  • Apr 18, 2020

ස්වයං පාලනයක් නැතොත් නැවත අවි ගැනීමට සිදුවනවා - සිවාජිලිංගම්

  • By My Life
  • Apr 18, 2020

අලුත්ම විනාශයට ඔබ සුදානම්ද?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතයක් - කොරේ පිටට මරේ

  • By My Life
  • Apr 18, 2020

කවසාකි වෛරසය ශ්‍රී ලංකාවේ, ඔබේ දරුවා රැකගන්න, රෝග ලක්ෂණ මෙන්න

  • By My Life
  • Apr 18, 2020

නාසා ජයගත් ශ්‍රී ලාංකික පුංචි පුතා - Megha Wijewardane

  • By My Life
  • Apr 18, 2020

රුසියානු හෙදියගේ චායාරුපයේ සම්පුර්ණ කතාව

  • By My Life
  • Apr 18, 2020

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ කාලගුණික තත්වය දැනගන්න

  • By My Life
  • Apr 18, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

  • By My Life
  • Apr 18, 2020

ලෙමන් යුෂ තේ ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක COVID-19 සුව නොකරයි

  • By My Life
  • Apr 18, 2020

රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය

  • By My Life
  • Apr 18, 2020

Is Sri Lanka a Poor Country?

  • By My Life
  • Apr 18, 2020

new revising of the curfew

  • By My Life
  • Apr 18, 2020

How New Coronavirus was Made?

  • By My Life
  • Apr 18, 2020

කුරුණෑගලට දිස්ත්‍රික්කයටම අති අවදානම් තත්වයක්

  • By My Life
  • Apr 18, 2020

2019 Ordinary Level Results

  • By My Life
  • Apr 18, 2020

The New Identity Card Number Method

  • By My Life
  • Apr 18, 2020

ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

  • By My Life
  • Apr 18, 2020

Good News to the World

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් අළුතින් සංශෝධනය කර තිබේ

  • By My Life
  • Apr 18, 2020

Guidelines for Passengers Using Public Transport

  • By My Life
  • Apr 18, 2020

කොළඹ ජාතික රෝහල මගින් අළුතින්ම පිහිටවූ ක්ෂණික දුරකථන ඇමැතුම් සේවය ගැන විස්තර

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න

  • By My Life
  • Apr 18, 2020

චීනය කොරෝනාව පාලනය කරේ කෙසේද යන බව හරියටම දැනගමු

  • By My Life
  • Apr 18, 2020

Muslim Community Leaders Request About COVID 19

  • By My Life
  • Apr 18, 2020

Corona Test in 5 minutes

  • By My Life
  • Apr 18, 2020

කොවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම හා අවසානය ගැන කියූ අනාවැකිය

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වයිරසය මර්ධනයට ඔබ නොසිතු දෙයක්

  • By My Life
  • Apr 18, 2020

Another Virus that is not the Corona

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපති විසින් ජනතාවට දුන් සියලුම සහන මෙන්න

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට කලින් පෙන්නුම් කරන විදිය විද්‍යාඥයින් සොයා ගනියි

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා මඩින ඖෂධයක් ජපානය සොයාගනී. චීනය මහා පරිමාණයෙන් නිපදවීම අරඹයි..

  • By My Life
  • Apr 18, 2020

රාජ්‍ය සහ පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන විදිය චක්‍ර ලේඛයෙන්ම බලන්න.

  • By My Life
  • Apr 18, 2020

Sri Lanka is ready to close for a few days

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වයිරස් රෝගය පිළිබඳ කරුණු දැනගෙන, කටකතා පැතිරීම නැවැත්වීමට සහයෝගය දෙන්න.

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වෛරසය මඩින සාර්ථකම ක්‍රමයක් ශ්‍රී ලංකාවේ

  • By My Life
  • Apr 18, 2020

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 20 න් යන්න බෝට්ටු සේවයක් මෙම මස සිට

  • By My Life
  • Apr 18, 2020

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!