
- Feb 01, 2020
- in Life
Kite's & Michelle's Unconditional Love
He's five years older than my dad ...
(This article is a tribute to the Valentines Day 2020)
ප්‍රේමය හමුවන්නේ අප නොසිතන තැන්වලදියි. නොසිතෙන කාලයකදියි. සැබෑ ප්‍රේමය අප සොයා එන්නේ කවදා කිනම් මොහොතකද කියා කවුරුවත් දන්නෙ නෑ.
එය කෙනකුගේ ජීවිතයේ මරණ මංචකයේදී පවා සිදුවිය හැකි දෙයක්. අප කවුරු කවුරුත් කාට කාටත් අයිතිවුණාට පස්සේ වුණත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
කිටී ස්පෙන්සර් ආර්යාව ගැනත් කියන්නට ඇත්තේ ඒ ටිකමයි. 29 හැවිරිදි මේ කුමරිය කවුරුත් දන්නේ එංගලන්තයේ රෝස කුසුම ඩයනා කුමරියගේ ආදරණීය ලේලිය හැටියටයි. ඇය ඩයනා කුමරියගේ බාල සොයුරු චාල්ස් ස්පෙන්සර්ගේ සුරතල් දියණියයි.
ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව එවැනි ඉස්තරම් පුවත් මවන රාජ කුමාරිකාවක් හමුවන තුරු බලා සිටි බ්‍රිතාන්‍යයේ මාධ්‍යයට හමුවුණු සිත් කුල්මත් කරවන සුරූපිනිය ඇයයි. කෙලිලොල් ජීවන රටාවකට හුරුවී සිටි රාත්‍රී සමාජශාලාවල නිතරම දකින්නට ලැබුණු මේ කුමරිය වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක්. යොවුන් වියේ සිටම තරුණයන්ගේ ආදරයේ අඩුවක් නොලැබුණු කිටී කුමරියගේ සිත අන්තිමට නැවතුණේ ඇයට වඩා දෙගුණයක් වයසැති මයිකල් ලුවිස් ළඟයි. ඔහු 60 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. හරියටම කියනවානම් ඔහු ඇගේ පියා වන චාල්ස් ස්පෙන්සර්ටත් වඩා අවුරුදු 5ක්ම වැඩිමල් මිනිසෙක්.
ඊයේ පෙරේදා දකුණු අප්‍රිකාවේ දී විවාහ ගිවිස ගන්නතුරු මේ අපූරු පෙම් පළහිලව්ව ගැන දැන සිටියේ අතළොස්සයි. මීට අවුරුද්දකට කළින් දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි ගානට වැටුණු මොහොතේ සිට අවන්හල් අතර, ප්‍රිය සම්භාෂණ අතර වෙනත් පෞද්ගලික ස්ථානවල මුණ ගැහෙන හැම අවස්ථාවකදීම දෙන්නා කතා වුණේ දෙන්නට දෙන්නා අයිති කරගන්නා දිනය ගැනයි. දැන් ඒ දිනය උදාවෙලා. ඒ කතාව සීත සෘතුවේ හිම වැටෙන ලන්ඩන් නුවර උණුසුම් කරවන තාලයේ පුවතක් වුණා. උණුසුම දෙගුණ තෙගුණ වුණේ දෙන්නා අතර විවාහ ගිවිස ගැනීමේදී මේ වියපත් පෙම්වතා ඇයට තෑගි කළ දියමන්ති මුදුව ගැන තොරතුරු අනාවරණය වීමත් එක්කයි. ඒ මුදුවේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දෙකකටත් වඩා වැඩියි.
එංගලන්තයේ රාජකීය පවුලට නෑකම් කීවත් කිටී ආර්යාව කියන්නේ එහෙම පිටින්ම වෙනස් තාලේ චරිතයක් බව කවුරුත් දැනගෙනයි සිටියේ. ඩයනා කුමරිය අවසන් මොහොතේ රාජකීය සම්ප්‍රදායට පයින් ගසා මුස්ලිම් ජාතික ඩොඩී අල්ෆෙයිඩ්ගේ ආදරයේ පංගුකාරිය බවට පත්වූ ලෙසටම සම්ප්‍රදායික චාරිත්‍ර සියල්ල පසෙකලා කිටී ආර්යාවත් දැන් සිය නැන්දණිය වගේම අපූරු ප්‍රේමයක අසිරිය විඳ ගනිමිනුයි සිටින්නේ.
වසර 1990 දෙසැම්බරයේ කිටී ආර්යාව උපන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරයි. ඇගේ පියා ලන්ඩනයේ ජීවත්ව සිටියත් තවමත් ඇගේ මව හා නිවුන් සොයුරිය පදිංචිවී සිටින්නේ දකුණු අප්‍රිකාවේ. දකුණු අප්රිකාවේම උපන් මයිකල්ගේ ජීවිතයේ අවසන් භාගයේ ඔහුගේ ජීවිතය එළිය කරන්න ඇය එකතු වුණේ සිය මවගේ හා සොයුරියගේ ආශිර්වාදය මැදයි.
‘ඩයනාගේ ලේලියට මොන අඩුවක්ද..? කොයිතරම් කඩවසම් තරුණ පෙම්වතෙක් හොයාගන්න බැරිද…?‘ ලන්ඩනයේ වෙසෙන ඇගේ සමීපතමයන් මේ අසාමාන්‍ය පෙම් පළහිලව්ව ගැන එසේ කීවත් තම පියා මෙන් දැනමුතුකම් දෙමින් දුකක් නොදී ළඟින් තියාගන්න ජාතියේ පෙම්වතෙක් හැමදාම ප්‍රාර්ථනා කළ කිටී කුමරියට නම් ඉතිං ‘මයිකල් තමයි පෙම්වතා.‘
1959 උපන් මයිකල් මීට පෙර 1985දී ලියෝලා නම් කාන්තාවක සමඟ විවාහ වී සිටි අතර ඔහුට දරුවන් තිදෙනෙක්. පසුකාලෙක ඇගෙන් දික්කසාද වූවාට පසුව ඔහුගේ ජීවිතය ගෙවී ගියේ කාර්යබහුල ව්‍යාපාරික ලෝකයේ. තවත් හිතක් ළඟ නවතින්නට තරම් විවේකයක් නොතිබුණත් ඔහුගේ සිතටත් තනිකම පාළුව නොදැනුණාම නෙවෙයි. ඒ තනිකම, පාළුව මකාලන්න දහසක් තරුණියන් ඔහු වටා නොසිටියාම නෙවෙයි. ඒත් මයිකල් එයාගේ ජීවිතයේ පංගුකාරිය සොයා ගන්න එතරම් කලබල වුණේ නෑ. ඔහු පමාවෙමින් බලා සිටියා.
දඟකාර සිනාවත්, දුටු විගස ඇල්මක් ඇති වන විදියේ ඇස් දෙකකුත් තිබුණු කිටී කුමාරිය කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ දාර්ශනික විද්‍යාව හා ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරිනියක්. ඒත් ඇය අවුරුදු 29ක් වෙනතුරුම ජීවිතයේ පංගුකාරයා සොයා ගන්න බලා සිටි ජාතියේ තරුණියක් නම් වුණේ නැහැ. යොවුන් වියේ සිටම ඇය ආදරයේ මිහිර ඇති තරම් විඳගත්තු කුමාරිකාවක්. ඒත් ඒ සියල්ල කාලයේ ඇවෑමෙන් අතීතයට එකතු වුණේ ඒ කිසිම පෙම් සම්බන්ධතාවක් විවාහය දක්වා ඇදගෙන යන්න තරම් ඇයට නොසිතුණු නිසයි. ඒත් අන්තිමට තම පියාටත් වඩා වැඩිමල් පෙම්වතෙක් ජීවිතයට එබී බලනු ඇතැයි ඇය පවා නොසිතන්නට ඇති.
මයිකල් කියන්නේ සැබැවින්ම තමන්ගේ වැඩිමල් දරුවාටත් වඩා අවුරුද්දක් දෙකක් බාල සුරූපි තරුණියකගේ හිත ගන්න තරම් අමුතු ආකර්ෂණයක් ඇති කෙනෙක් නෙවෙයි. ඔහු මුහුකුරා ගිය ව්‍යාපාරික දැනුමක් සහිත වියපත් වෙමින් සිටින මිනිසෙක් පමණයි. එතැනින් එහාට ඔහුගේ ඇති අමුත්ත කුමක්දැයි දන්නේ කිටී කුමරිය ම පමණයි.
Source: Silumina
Like & Share our Facebook page
Advertisements
Share this valuable with your friends.
1 Comments
Wow