
- Mar 02, 2020
- in Life
Birthmark Secrets
අපගේ සිරුරේ විවිධ තැන් වල වල උපන් ලප තිබීම ස්වභාවිකයි. උපන් ලප වලින් ඔබට කිසිදු හානියක් නොවන නිසා ඒ සදහා කිසිම ප්‍රතිකාරකයක් කිරීමට අවශ්‍ය නැහැ. ඉන්දියානු ශාස්ත්‍රයට අනුව ඔබේ සිරුරේ ඒ ඒ ස්ථාන වල පිහිටි උපන් ලප අනුව විවිධ අනාවැකි හා පුද්ගල ගති ලක්ෂණ හෙළි කරන්න පුළුවන් පුදුම හැකියාවක් ඇති බව කියවෙනවා. ඔබේ සිරුරේ උපන් ලප පිහිටි තැන කුමක්ද? එයින් කියවෙන ඔබ නොදත් රහස කුමක්ද?
It is natural that birth spots are present in different parts of the human body. You will not need any treatment as birth spots will not harm you. According to Indian traditions, birth spots in your body are said to have an amazing ability to reveal different predictions and personality traits. Where are the birth spots (marks) on your body? What is the hidden secret?
1. නලලෙහි දකුණු පස පිහිටි උපන් ලපය (The birthmark on the right side of the forehead)
මෙය පුද්ගලයෙක් ගේ ප්‍රසිද්ධිය,ධනය හා සාර්ථකත්වය පෙන්නුම් කරන ලක්ෂයක් බව කියවෙනවා.
2. ඇහිබැමට පහලින් පිහිටි උපන් ලපය (A birthmark just below the eyebrow)
මෙය පුද්ගලයෙක් ගේ බුද්ධිමත් කම හා නිර්මාණශීලිත්වය පෙන්නුම් කරනව.
3. නාසයේ පිහිටි උපන් ලපය (A birthmark on the nose)
යමෙකුගේ නාසයේ තම උපන් ලපය පිහිටයි නම් ඔහු තරමක් සෙල්ලක්කාර පුද්ගලයෙක්.
4. ඇසෙහි දෘෂ්ටි පටලය ආවරණය වී ඇති සුදු පැහැ කොටසේ ඇති උපන් ලපය (The birthmark of the white part of the eye that covers the retina)
මේ උපන් ලපෞඅ ඔබේ දකුණු ඇසේ පිහිටියේ නම් ඔබට වැඩි උත්සහයකින් තොරව මුදල් ලැබෙන බව කියවෙනවා.නමුත් එය වම් ඇසේ පිහිටියේ නම් එයින් පිළිබිඹු වන්නේ ඔබේ අහංකාර බව.
5. කන් පෙත්තෙහි පිහිටි උපන් ලපය (A birthmark on the ear)
මෙය සුභ ලකුණක් ලෙස සලකන අතර දකුණු කන් පෙත්තෙහි ඉපන් ලපය පිහිටියේ නම් එම පුද්ගලයා තම පවුල වෙත කැපවී කටයුතු කරන පුද්ගලයෙක් බව කියවෙනවා.
6. කම්මුල් වල පිහිටි උපන් ලප (Birth spots on the cheeks)
එය ඔබේ දකුණු කම්මුලේ පිහිටියේ නම් ඔබ සංවේදී පුද්ගලයෙක්.එය වම් කම්මුලේ පිහිටා ඇත්නම් එම පුද්ගලයා තරමක් හුදෙකලා සමාජශීල ගති ලක්ෂණ අඩු පුද්ගලයෙක්.
7. ගෙල ප්‍රදේශයේ පිහිටි උපන් ලපය (Birthmark in the neck area)
යම් පුද්ගලයෙකු ගේ වම් හෝ දකුණු පස උපන් ලපයක් පිහිටා ඇත්නම් එය සුභ ලකුණක් මෙන්ම ඔහු හෝ ඇය යහපත් පෞරුෂයක් ඇති පුද්ගලයෙක්.
8. උරහිස් වල පිහිටි උපන් ලප (Birth spots in Rahiz)
ඔහු හෝ ඇය වගකීම් සහිත පුද්ගලයෙක්.එමෙන්ම එවැනි අය ක්‍රියාශීලි බුද්ධිමත් මෙන්ම ප්‍රායෝගික පුද්ගලයෙක් බවද කියවෙනවා.
9. පපු ප්‍රදේශයේ පිහිටි උපන් ලපය (Birthmark in the chest)
පපු ප්‍රදේශයේ හෝ පියයුරු වල උපන් ලපයක් පිහිටියේ නම් ඔහු හෝ ඇය අලස හෝ සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන්නෙක්...
10. ඇගිලි වල පිහිටි උපන් ලපය (Birthmark on the fingers)
යමෙකුගේ ඇගිලි වල උපන් ලපයක් පිහිටියේ නම් එය අසුභ ලකුණක් ලෙස සලකනවා.එම පුද්ගලයා අනාගතයේ දී විවිධ දුෂ්කරතා හා බංකොලොත්වීම් වලට ලක්වන බවද කියවෙනවා.
Source: The Lanka Mirror
Like & Share our Facebook page
Advertisements