• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home Business Vehicle of Our Own in Our Country
  • By My Life
  • Aug 13, 2019
  • in Business

Vehicle of Our Own in Our Country

The dream I had was to create a vehicle of our own in our country.

The infrastructure needed to make a significant difference in the Sri Lankan automotive history has already been completed. As a result, a world-class state-of-the-art car manufactured by Sri Lankan will commence its journey on the country's road network in the near future. This groundbreaking initiative will go into history as one of the most recent (17th August 2019) achievements of the automotive industry in Sri Lanka.

ශ‍්‍රී ලාංකික රථවාහන වංශ කථාවේ සුවිශේෂී වෙනසක් සිදු කිරීම පිණිස අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල මේ වන විටත් සම්පූර්ණ කොට අවසන්ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නුදුරේ දිනක ලක් දූ පුතුන් විසින් නිපදවනු ලබන ලොව නවීනතම තාක්‍ෂණයෙන් යුත් මෝටර් රථයක් මෙරට මාර්ග පද්ධතිය මත සිය මංගල ගමන අරඹන අතර එහි මූලික පියවර ලෙස මෙම මස 17 වැනිදා එහි නිෂ්පාදන කටයුතු ඇරැඹෙන්නේය. එම අසිරිමත් ඇරඹුම ඉතිහාසයට එක් වන්නේ මෑත කාලීනව මෙරට රථ වාහන ක්ෂේත‍්‍රය විසින් අත්පත් කරගත් සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙසය.
 
 කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයක ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ මහින්ද්‍රා ආයතනය හා එක්ව බිහිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගම යටතේ ආරම්භ වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරට ජාත්‍යන්තරය ජය ගන්නා ආකාරයත් ඒ හරහා දේශීය ආර්ථිකය හා දේශීය නිෂ්පාදන ඉහළ නංවන ආකාරයත් පිළිබඳ මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති මෙන්ම අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා සමග පසුගියදා සිදුකළ කථා බහක් ඇසුරෙන් සකසන ලද ලිපියක් පහත පළවේ...

පළමුව ඒ පිළිබඳ අදහස් දක්වමින් නලීන් වෙල්ගම මහතා තම ව්‍යාපාරික ගමන් මෙඟහි ඇරැඹුම පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී.
 
 ‘‘රථවාහන පිළිබඳ ලොකු කැමැත්තක් ඇල්මක් සහිත පුද්ගලයෙක් විදිහට මම 2009 වර්ෂයේදී ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම සමග සම්බන්ධවෙලා කුඩා ට‍්‍රක් රථ ශී‍්‍ර ලංකාවට ආනයනය කරන්න අපිට පුළුවන්කම ලැබෙනව. අපේ රට ගත්තොත් ඒ වෙද්දි කුඩා ට‍්‍රක් රථ ක්ෂේත‍්‍රයේ හිටියෙ වෙනත් වෙනත් සමාගම්. එහෙම තත්ත්වයක් තුළ ඉඳගෙනයි අපි අලූත් ගමනකට මුල පුරන්නෙ. එතනදි අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති විදියට අපේ රටේ පාරිභෝගිකයන් පිළිබඳ අලූතින් යමක් හිතල අලූත් ගමනක් යන්න මම තීරණය කරනව. අපේ රටේ රථවාහන අලෙවි ඉතිහාසය ගත්තොත් ඒ වෙනකොට බොහෝ ආයතන කළේ වාහනයක් රටට ගෙන්වල ඒක අලෙවි කරල තමන්ගෙ සාක්කුව පුරව ගන්නා ක‍්‍රමයක්. වෙනත් අයුරකින් කිව්වොත් අලෙවියෙන් පසු සේවාවන් පිළිබඳ කාගෙවත් අවධානය යොමු නොවන යුගයක්...’’
 
 ‘‘අපි මුලින්ම ඉතාමත් ක‍්‍රමවත් විධිමත් අයුරින් අලෙවියෙන් පසු සේවා පහසුකම් රටට හඳුන්වා දුන්න. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය හා කාර්මික දැනුම රටට අරගෙන ආවා. රට පුරා ඒ දැනුම හා තාක්‍ෂණය ව්‍යාප්ත කළා. ගමට කර්මාන්ත කියන සංකල්පය එක්ක අත්වැල් බැඳ ගනිමින් ආයතනයක් ලෙස අපි මුලින්ම ඒ දෙය සිද්ධ කරනව.’’

‘‘ඔය කියන කාල වකවානුව තුළ තමයි රථ වාහන නිපදවීම පිණිස ලෝකයට මුල් වරට CRD තාක්‍ෂණය හඳුන්වා දෙන්නෙ. එතනදි ඉන්දියාවෙ මහින්ද්‍රා සමාගම ලෝකයේ මුල් වරට CRD තාක්‍ෂණය යොදා ගනිමින් කුඩා ට‍්‍රක් රථ නිපදවීම ආරම්භ කරනව. එය කුඩා ට‍්‍රක් රථ ක්ෂේත‍්‍රයේ ලොකු කැළැඹීමක් ඇති කළ සිද්ධියක්. ඒක මම ලංකාවට හඳුන්වා දෙන විට ඒ වන විට කුඩා ට‍්‍රක් රථ අලෙවියේ හිටිය වෙනත් වෙනත් සමාගම් විසින් අපිට විශාල අභියෝග ඉදිරිපත් කළා. අපෙන් වාහන මිලට ගන්න  පාරිභෝගිකයන් මුණ ගැහිල ඒ අයට කිව්ව CRD තාක්‍ෂණය ලංකාවෙ නෑ... ඒ හින්ද වාහන මිලට ගන්න එපා... අමාරුවෙ වැටෙනව කියල ඒ අය විසින් දිගින් දිගටම මත නිර්මාණය කරන්න ගත්ත. නමුත් ඒ වෙද්දි අපි දූරදර්ශීව කල්පනා කරල ඒ තාක්‍ෂණය ලංකාවට හඳුන්වාදීල තිබීම ලොකු ජයග‍්‍රහණයක් බවට පත් වුණා. ඒකෙ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔබ කොයි කවුරුත් දන්න මැක්සිමෝ ට‍්‍රක් රථය ලංකාවේ ඉතා ජනප‍්‍රිය වාහනයක් බවට පත් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා...’’
 
 සිය ව්‍යාපාරික ගමන් මෙඟහි එක් සංධිස්ථානයක් පිළිබඳ මතකය අවදි කරමින් ඉහත සඳහන් අදහස් පළ කළ අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා ඉන් අනතුරුව අදහස් ප‍්‍රකාශ කරන්නට වූවේ මෙරට රථ වාහන වෙළෙඳපොළ තුළ ‘මහින්ද්‍රා’ නාමය ජනප‍්‍රිය වෙළෙඳනාමයක් බවට පත්වූ ආකාරය පිළිබඳවය.
 
 ‘‘ඔය අතරේ ශ‍්‍රී ලංකා පොලිසියට ජීප් රථ සැපයීමේ ටෙන්ඩරයක් ප‍්‍රසිද්ධ කරනව. දෙදහස් එකොළහ නැත්නම් දෙදහස් දොළහ වර්ෂයේදී තමයි ඒ සිද්ධිය වෙන්නෙ. ඒ සඳහා ආයතනයක් ලෙස අපිත් ඉදිරිපත් වෙනව. ඊට අමතරව තවත් ඉන්දියානු සමාගම් කීපයක් තමන්ගෙ මිල ගණන් ඉදිරිපත් කරනව. අවසානයේදී ඒ ටෙන්ඩරය අපි විසින් ලබා ගන්නව. අලෙවියෙන් පසු සේවාව උසස් තත්ත්වයක පැවතීම, ඊට අමතරව අප විසින් ඉදිරිපත් කළ ස්කෝපියෝ ජීප් රථ ඉතා උසස් නිපැයුමක් බවට පත්ව තිබීම, කියන හේතූන් අපිට ඒ ටෙන්ඩරය ලබා ගැනීමේදී ඉතා වැදගත් සාධක බවට පත්වෙනව. ඒ හරහා ජීප් රථ 680ක් පමණ අපි විසින් ගෙන්වල ශ‍්‍රී ලංකා පොලිසියට ලබා දෙනව...’’
 
 ‘‘ඔය අතරේ මම ඉන්දියාවේ මහින්ද්‍රා ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකට සම්බන්ධ වෙනව. එතනදී මට මුණ ගැහුණ සුවිශේෂී පුද්ගලයෙක් තමයි ආනන් මහේන්ද්‍රන් මහත්මය. ඔහු තමයි මහින්ද්‍රා ආයතනයේ සභාපති. ඔහුගෙන් මම බොහෝ දේ ඉගෙන ගන්නව. වරක් ඔහු මට අභියෝගයක් භාර දෙනව. එතනදී ඔහු කියනව 2011, 2012 වර්ෂ දෙක ඇතුළත ඔයාගෙ මාර්කට් එකේ වාහන 10000 ක් ලියාපදිංචි කරන්න. ඒකයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල. ඒ ඉල්ලීමත් එක්ක මාව මවිතයට පත්වෙනව. මොකද ඒ වෙද්දි වර්ෂයක් තුළ අපි අලෙවි කළේ වාහන 2000 ක් වගේ ප‍්‍රමාණයක්. ඔහු මට ලොකු ඉලක්කයක් දුන්නට පස්සෙ මම හිනාවෙලා ඔහුගෙන් ඇහුව හරි... මම ඒ දේ සිද්ධ කළොත් අපිට මොනවද දෙන්නෙ කියල. ඒකට පිළිතුරු දුන්න ආනන් මහේන්ද්‍රන් මහත්තය කිව්ව ඒ ඉලක්කයට ගියොත් එයා තවත් කණ්ඩායමක් එක්ක ලංකාවට ඇවිත් යන්න එනව කියල. මම 2011, 2012 කියන වර්ෂ දෙක තුළම මට දීපු ඉලක්කය ඉක්මවා යන පරිදි අලෙවි වාර්තා තබනව. ආනන් මහේන්ද්‍රන් මහත්තය එයාගෙ කණ්ඩායමක් එක්ක අපේ රටට එනව. ඒ ඇවිත් ඔහු හිස් අතින් යන්නෙ නෑ. අයිඩියල් සමූහ ව්‍යාපාරයේ උප සභාපති අරවින්ද ද සිල්වා මහත්තයත් එක්ක කතා කරල එවර ඔහු විසින් අපේ රටේ ෆ‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය භාර ගන්නව.
 
 අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා පවසන ආකාරයට මහින්ද්‍රා සභාපති ආනන් මහේන්ද්‍රන් මහතාගේ මෙරට සම්ප‍්‍රාප්තිය සුවිශේෂී කරුණක්ය. නවීන තාක්‍ෂණයෙන් යුත් නව නිපැයුම් පිළිබඳ ඉහළ විශ්වාසයක් සහිත ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ හඳුනා ගැනීම ඒ හරහා සිදුවන අතර එය මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ අලූත් යුගයක් නිර්මාණය කිරීම පිණිස තබන ලද අඩිතාලමක් බඳු සිදුවීමක්ය.
 
 ‘‘මගේ පියාවන දිවංගත එස්. ඒ. වෙල්ගම මැතිතුමා ගමෙන් නගරයට ඇවිල්ල ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හරහා දිගු ගමනක් ගිය ව්‍යාපාරිකයෙක්. ඒ හින්ද වාහන පිළිබඳ කුඩා කල පටන් මගේ ලොකු ඇල්මක් පවතිනව. ඒ හරහා මේ වෙද්දි මම ලොකු ගමනක් ඇවිත් තිබෙනව. කුඩා කල පටන්ම මට තිබුණ හීනයක් තමයි අපේම කියල වාහනයක් අපේ රට තුළ නිපදවන එක. විශිෂ්ට ශ‍්‍රී ලාංකික පුත‍්‍රයෙක් වූ උපාලි විජයවර්ධන මහත්තය ඒ දේ සැබෑවක් බවට පත් කළා. ඒ ගෞරවය එතුමට නිතැතින්ම හිමි වෙනව. වරක් ආනන් මහේන්ද්‍රන් මහත්තය මුණ ගැහුණ වෙලාවක මම මගේ ‘‘හීනය’’ එතුමත් එක්ක කියනව. ඒ හරහා මගේ රටේ අපේ කියල වාහනයක් නිපදවන්න මම එතුමාගෙන් සහයෝගය ඉල්ලනව. මොකද ඒ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ජාත්‍යන්තර සමාගමක සහයෝගය අත්‍යවශ්‍ය කරුණක්. මහින්ද්‍රා ආයතනය කියන්නෙ අද වෙන කොට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත් ඉන්දියානු සමාගමක්. එතනදි ඔහු මට පොරොන්දුවක් දෙනව ‘‘ඔව්’’ මම ඒ සඳහා ඉදිරිපත් වෙන්න සූදානම් කියල...’’
 
 අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා පවසන ආකාරයට මහින්ද්‍රා අයිඩියල් ශ‍්‍රී ලංකා සමාගම ආරම්භ වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ලබන 17වැනිදා යෙදෙන සුබ මොහොතින් මෙරට තුළ ඉදිකරන ලද නවීන තාක්‍ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ ලොව නවීනතම තාක්‍ෂණයෙන් යුත් නිපැයුමක් බිහි වන්නේ මෙරට රථ වාහන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂ්‍යයක් ඇති කරවමින්ය. මෙතෙක් කලක් වාහන මෙරටට වාහන අමතර කොටස් ගෙන්වා ඒවා එකලස් කිරීමේ තාක්‍ෂණයට පමණක් සීමාවී තිබුණ යුගය ඒ හරහා නිමාවට පත්වීමට නියමිතය. එම සුබවාදී ඇරඹුම පිළිබඳව අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා...
 
‘‘අපි අපේ ඉතිහාසය දෙස බැලූවොත් මේ වගේ උත්සාහයක් ගත්ත එක සිදුවීමක් අපේ ඉතිහාසය තුළ තියෙනව. ඒ තමයි මම අර මුලින් සඳහන් කළ උපාලි විජයවර්ධන මැතිතුමා විසින් ගත්ත උත්සාහය. එතුමට පුළුවන් වුණා උපාලි ෆියට් කියන මෝටර් රථය මෙරට තුළ නිපදවන්න. ඊට පස්සේ තව තව ආයතන කීපයක් ඒ කටයුත්ත කළා. නමුත් ඒක සාර්ථක නැහැ. මේ වගේ දැවැන්ත වැඩපිළිවෙළකට යද්දි ජාත්‍යන්තර නමක් දිනාගත් ආයෝජකයෙක් අවශ්‍ය වෙනව. එහෙම නොවුණොත් අද ආරම්භ කරන දෙයක් තව වසරකින් දෙකකින් නතරවෙන අවදානමක් පවතිනව...’’
 
 ‘‘අපි ආරම්භ කරන්න යන දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ සියයට 35ක ආයෝජනයක් තියෙනව. ඉතිරි සියයට 65 ආයෝජනය කරන්නෙ අපි විසින්. මේ වෙනකම් ජාත්‍යන්තර වාහන සමාගම් සියල්ලක්ම ශ‍්‍රී ලංකාම නියෝජනය කළත් ඒ කිසිම ආයතනයකින් ශ‍්‍රී ලංකාවට කිසිම දෙයක් ලබාදීල නැහැ. ඒ අය කරේ අපේ මුදල් ඒ අයගේ රටවල්වලට රැගෙන, ගිය එක පමණයි. නමුත් වසර 10ක් තුළ මහින්ද්‍රා ආයතනය හා අපි අතර තිබුණු විශ්වාසය, විනිවිදබාවය හින්ද මහින්ද්‍රා ආයතනය විසින් තීරණය කරනව ලාංකික ආර්ථිකයේ දියුණුව පිණිස දැවැන්ත ආයෝජනයක් සිදු කරන්න. එ අරමුණෙන් තමයි අපිට මේ ප‍්‍රතිලාභය ලැබෙන්නේ. ඒ සියලූ ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපි විසින් අගය කළ යුතු දෙයක්. ඒ හරහා අයිඩියල් ආයතනය එක්ක සම්බන්ධ වෙන මහින්ද්‍රා ආයතනය අපේ රටට අවශ්‍ය වාහනය මෙරටම නිපදවීම සිදු කරනව. ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් රටවල් මේ දේ දැන් කාලෙක ඉඳන් සිද්ධ කරනවා. ටොයොටා ඩබල් කැබ් එක එන්නෙ, කොහෙන්ද? තායිලන්තයෙන්. තායිලන්තයේ තියෙන ටොයොටා කර්මාන්තශාලාවේ ඒක හදනවා. මර්සිඞීස් බෙන්ස් SUV කාර් එක හදන්නේ දකුණු ඇමරිකාවෙ. ජර්මනියෙ තාක්‍ෂණය ඇමරිකාවට අරන් ගිහින් ඔවුන් ඒ දෙය කරනව. මර්සිඞීස් බෙන්ස් ක්‍ ක්ලාස් කාර් එක හදන්නෙ දකුණු අප‍්‍රිකාවෙ. ඒක සිද්ධ වුණේ කොහොමද? ඒ ඒ රටවල් ආයෝජනය කරල ඒ අයගෙ තාක්‍ෂණය භාවිත කරල ඒ දේවල් සිද්ධ කළා. ඉන්දියාව ගත්තොත් 1990 වර්ෂයේ මේ වෙනස සිද්ධ වෙනවා. ඔවුන් ජාත්‍යන්තරව ආයෝජනය කරල තමන්ගෙ රටට ආයෝජන ගෙනාව. මරුති කාර් එක ඉන්දියාවෙ හැදුව. හයිහුන්ඩායි ගත්තොත් ඒකත් එහෙමයි. පිට රටින් ගේන වාහනවලට තීරුබදු වැඩි කරල ඔවුන් ඒ වාහන තමන්ගෙ රටේ නිපදවන්න ගත්ත. රටක් ඉස්සරහට යන්න නම් ඒ දේවල් සිදුවිය යුතුයි. මෙතනදි විශේෂයෙන් මතක් කළ යුතුයි අද වන විට වාහන නිපදවීමේ තාක්‍ෂණය අතින් ලෝකය දියුණු තැනකට ගිහින් තියෙනව. එතනදි ඉලෙක්ටි‍්‍රක් තාක්‍ෂණය මුල් තැනක් අර ගන්නව. ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම කියන්නේ මේ තාක්‍ෂණය අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න ආයතනයක්. ඒ පැත්තෙන් බලකොට අපේ එකතුවීම ඉතාමත් වැදගත්. ඔවුන්ගෙන් ඒ දැනුම අරගෙන ඉලෙක්ටි‍්‍රක් තාක්‍ෂණය අනුව ඉදිරියේදී අපිට ඒ නිපදවීම් අපේ රට තුළ කරන්න පුළුවන්කම ලැබෙනව. ඒක ලොකු ජයග‍්‍රහණයක්.
 
 මහින්ද්‍රා සමාගම ලංකාවට එන්නෙත් මේ රටේ මුදල් ඉන්දියාවට අරන් යන්න නෙවෙයි. මේ සිදුවීමත් එක්ක ඔවුන් අපට විශාල ප‍්‍රදානයක් සිද්ධ කරනව. KUV100 කාර් එක මෙරට නිපදවන්න පෙර ඔවුන් මගෙන් ඇහුව ඒ සඳහා අවශ්‍ය උපාංගවලින් මොනවද ලංකාවේ හදන්න පුළුවන් කියල. එතනදි මේ කාර් එක සඳහා යොදා ගන්න ටයර් එක හදන්නෙ සියැට් සමාගමෙන්. සීට් සෙට් එක ගත්තත් ඒක මුළුමනින්ම ශ‍්‍රී ලාංකික නිෂ්පාදනයක්. බැටරිය හදන්නෙ ලංකාවේ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ ලෝකයේ දියුණුම තාක්‍ෂණය හුවමාරු කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ හරහා මොකද වෙන්නෙ. අපේ රටේ අලූතින් වාහනයක් හදන නිසා අපේ අයට හොඳ නිෂ්පාදන අවස්ථාවක් උදාවෙලා තිබෙනව. ඒ හරහා ඉදිරියේදී ඒ අයට දේශීය වශයෙන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර වශයෙන් තමන්ගෙ නිෂ්පාදන ඉන්දියාවට දෙන්න අවස්ථාව උදාවෙනව. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියෙනව. මෙතෙක් කලක් ඒ හරහා සිද්ධ වුණේ ඔවුන්ගේ නිෂ්පාදන අපට දීපූ එක පමණයි. ඉදිරියේදී අපේ දෙය ඉන්දියාවට දෙන්න පුළුවන් මාර්ග මේ හරහා විවර වෙනව. රටක් විදිහට ඒකත් අපි ලබන ලොකු ජයග‍්‍රහණයක්...’’
 
 සියල්ල යහපත් අයුරින් සිදුවෙමින් ඇත. කළුතර දිස්ත‍්‍රික්කයට අයත් වැලිපැන්න ප‍්‍රදේශයේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමට අයත් භූමි ප‍්‍රමාණය අක්කර 65කින් සමන්විතය. ලබන 17 වැනිදාට යෙදෙන සුබ මොහොතින් එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ලොව නවීනතම තාක්‍ෂණයෙන් යුත් මෙරට මාර්ග පද්ධතියට මනා ලෙස ගැළපෙන නවීන SUV රථයක් මුල්වරට මෙරට තුළ නිපදවන්නේය.
 
 අලෙවියෙන් පසු සේවා සැපයීම පිණිස දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන, නියම අමතර කොටස්, පූර්ණ වගකීමක් ඇතුළු තවත් සුවිශේෂී පාරිභෝගික සේවාවන් රැසක් පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් තම නවතම නිෂ්පාදනය මෙරට රථවාහන වෙළෙඳපොළට හඳුන්වාදීම මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ මූලික අරමුණ බවට පත්ව ඇත.

රුවන් ජයවර්ධන / ප‍්‍රභාත් විතාන 
Source: Divaina

Like & Share our Facebook page



Advertisements

Share this with your friends.

Share 0 Tweet Pin it 0 Fancy
Tags Business, Ideal Lanka, Kalutara District, KUV100, Mahindra, Nalin Welgama, Sri Lanka, Sri Lankan Businessman, Vehicle Production, Welipenna

You May Also Like

ඔබේ ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වන වාස්තු උපදෙස්

  • By My Life
  • Aug 13, 2019

Coronavirus Shows That it’s Time to move Your Business Online

  • By My Life
  • Aug 13, 2019

Sri Lankan Vega EVX to Geneva International Motor Show

  • By My Life
  • Aug 13, 2019

දැනට පවතින රටේ අස්ථාවර බව ඔබගේ ව්‍යාපාරයට අභියෝගයක්ද?

  • By My Life
  • Aug 13, 2019

You're in the Correct Spot for Doing Anything

  • By My Life
  • Aug 13, 2019

Is The Retail Business Right For Me?

  • By My Life
  • Aug 13, 2019

My Life Recap 2018. Putting focus on “conversion” in 2019

  • By My Life
  • Aug 13, 2019

How to Identify Goals

  • By My Life
  • Aug 13, 2019

Vast Chinese market attracts more than 3,600 companies to CIIE

  • By My Life
  • Aug 13, 2019

The Truth Behind Goal Achievement

  • By My Life
  • Aug 13, 2019

11 Things That Turns Your Stress Into Success

  • By My Life
  • Aug 13, 2019

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!